සිරි දළදා වන්දනාව අද දෙවන දිනයටත් පැවැත්වේ

dalada

සිරි දළදා වන්දනාව දෙවන දිනයටත් අද (19) දහවල් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, අද මධ්‍යහ්න 12.00 සිට පස්වරු 5:30 දක්වා දළදා වන්දනාව පැවැත්වීමට නියමිතයි.

දළදා වන්දනාව සඳහා අතිවිශාල සැදැහැවතුන් පිරිසක් තවදුරටත් පෝලිම්වල රැඳී සිටින අතර, ප්‍රවේශ මාර්ග තුනකින් මෙලෙස පෝලිම්වල යොදවා ඇති බවයි දැක්වෙන්නේ.

සිරි දළදා වන්දනාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන්, ඊයේ (18) දහවල් ආරම්භ වූ අතර මෙම දළදා දැක්ම අප්‍රේල් 27 වැනිදා දක්වා, දින 10ක් පුරා පැවැත්වීමට නියමිතව ඇති අතර, අද (19) සිට දිනපතා දහවල් 12.00 සිට පස්වරු 5.00 දක්වා එම අවස්ථාව ලැබෙන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.