සිරි දළදා වන්දනාව වෙනුවෙන් පැමිණෙන සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සූදානමින් සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අංශ පූර්ණ සූදානමින් පසුවන බවත්, දෛනිකව මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් 50කට ආසන්න සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇති බවයි එම සංගමය පවසා සිටින්නේ.
ඒ අනුව, නගරයේ ආහාර පරිහරණ ස්ථාන සියල්ල පරීක්ෂා කිරීම, දන්සැල් හා වීදි ආහාරහල් අධීක්ෂණය, කසළ බැහැර කිරීම, පානීය ජල පහසුකම් සහ සනීපාරක්ෂක කටයුතු යන සියල්ල පිළිබඳව අවධානය යොමු කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනය කර සිටිනවා.