ඊයේ (18) රාත්‍රී මනම්පිටිය ආයුර්වේද පෙදෙසෙහි පිහිටි ‘ජීවමාන ක්‍රිස්තු දේවස්ථානය’ නම් වූ සිද්ධස්ථානයට වෙඩි තබා පලාගිය සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 38ක් වන, මනම්පිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර, ඔහු සමග, වෙඩි තැබීම සඳහා යොදා ගන්නා ලද මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.
අදාළ වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර, දේවස්ථානයේ ජනේලයකට අලාභ හානි සිදුවී තිබෙනවා.
මෙම දේවස්ථානයේ දේවගැතිවරයා සමග තිබූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් වෙඩි තැබීම සිදුකර ඇති බවට අනාවරණය වී ඇති අතර, මනම්පිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.