සිරි දළදා වන්දනාව සමාරම්භක උළෙලේ ආරාධනා පත්‍රය ලෙස සංසරණය වන්නේ ව්‍යාජ ලියවිල්ලක් – PMD

pmd-fake-news-dalada

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ නමින් ව්‍යාජ ලෙස නිර්මාණය කර ඇති මෙම ආරාධනා පත්‍රය රැගෙන “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගි වීම සඳහා මහනුවර ජනාධිපති මන්දිරය වෙත පැමිණෙන ලෙස එහි සඳහන් කර ඇති බවයි සඳහන් වෙන්න‍ේ.

“සිරි දළදා වන්දනාව” වෙනුවෙන් මේ ආකාරයේ කිසිදු විශේෂ ආරාධනා පත්‍රයක් කිසිවෙකුටත් නිකුත් කර නොමැති බවත් මෙම ව්‍යාජ ලියවිල්ල පදනම් කරගනිමින් සිරි දළදා වන්දනාව සඳහා විශේෂ (VIP) පෝලිමක් සකස් කර ඇති බවටත් සමාජ මාධ්‍ය තුළ ව්‍යාජ පුවත් සංසරණය වන අතර ඒවායේද කිසිදු සත්‍යතාවක් නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් වන නිවේදනය පහතින්.

news images

news images