සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලය තුළ මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමට විශේෂ වැඩසටහනක්

excise-department

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලය තුළ මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා කිරීමත්, ව්‍යාප්තවීමත් වැළැක්වීම සඳහා විශේෂ වැඩසටහනක් සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

මේ සඳහා මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්, විශේෂිත සුරාබදු නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් සහ කොළඹ, උතුරු මැද හා වයඹ විශේෂ මෙහෙයුම් ඒකකවල නිලධාරීන් ද යෙදවීමට සැලසුම් කර ඇති බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.එල්. උදය කුමාර පෙරේරා සඳහන් කළේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ හදිසි කෙටි දුරකථන අංකය වන 1913 වෙත සහ 071-4395603 සහ 071-8008029 යන අංක වෙත ද මත්පැන් හා මත්ද්‍රව්‍ය සම්බන්ධ පැමිණිලි ලබා දෙන ලෙසට සුරාබදු දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images