අප්‍රේල් 13 වනදා සිට 21 දක්වා සෑම දිනකම දිවා කාලයේ පස්වරු 3.00 දක්වා තම නිවෙස්වල ඇති සූර්ය පද්ධතිය අක්‍රීය කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඒ අනුව අවුරුදු සමය තුළ විදුලි ඉල්ලුම අවම මට්ටකම පැවතීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන ඉහළ විචල්‍යතාවයකින් යුතු පුනර්ජනනීය බලශක්ති දායකත්වය ජාතික පද්ධතියට අසාමාන්‍ය ආතතියක් ඇති කරන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
එහි ප්‍රතිඵලයක් ලෙස පද්ධතියේ අවස්ථාතිය තියුණු ලෙස පහත වැටී ඇති අතර එය ඉතා සුළු උච්ඡාවචනයකදී පවා අර්ධ වශයෙන් ඇණහිටීමට හෝ රට පුරා විදුලිය විසන්ධිවීමක් ඇති කරන මට්ටමකට පැමිණීමේ අවධානමක් පවතින බවයි ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.