දෙවිනුවර ද්විත්ව ඝාතනයට යොදා ගත් බවට සැක කෙරෙන ගිනි අවිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගියදා දෙවිනුවර දේවාලයේ වාහල්කඩ ඉදිරිපිට දී තරුණයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත මෙම ගිනි අවිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, යටියන පාර, කැකුනදුර ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරිමේ දි T-56 වර්ගයේ ගිනි අවියක් හා මැගසිනයක් සොයා ගෙන තිබෙන අතර, එය අදාළ වෙඩි තැබීම සඳහා යොදා ගත් ගිනි අවිය යැයි සැක කෙරෙන බව වැඩිදුරටත් වාර්තා වෙනවා.