කොස්ගමදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී දෙදෙනෙකුට බරපතළ තුවාල

accident

අද (12) උදෑසන අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ත්‍රිරෝද රථයක් ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

කොස්ගම, අළුත් අම්බලම දුම්රිය හරස් මාර්ගයේදී සිදු වූ මෙම අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි දෙදෙනෙකු බරපතළ තුවාල ලබා අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පැවසෙන්නේ.

ත්‍රිරෝද රථය දුම්රිය හරස් මාර්ගය පසු කරනවාත් සමග දුම්රියේ ගැටී ඇති අතර, අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි හානි සිදු වී තිබෙනවා.

මෙම අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ  රියදුරු හා පසුපස අසුනේ තවත් පුද්ගලයෙක් ගමන් කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.