නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම දුම්වැටි තොගය රැගෙන ආ ගුවන් මගියා ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවයි පැවසෙන්නේ.
ඔහු අද අලුයම 05.00 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙන බව සඳහන්.
ඔහු රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 15,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 75 ක් සඟවා තිබූ බවත්, එහි වටිනාකම රුපියල් විසි දෙලක්ෂ පනස් දහසක් පමණ වන බවයි දැක්වෙන්නේ.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.