මෙරට සියලුම අධිවේගී මාර්ග සඳහා බැංකු කාඩ්පත් මඟින් ගෙවීම් කිරීමේ පහසුකම මැයි 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
ඒ අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස එය මේ වන විට කොට්ටාව සහ කඩවත අන්තර් හුවමාරුවලදී ආරම්භ කර ඇති බවයි අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
මෙම ව්‍යාපෘතිය හරහා කාඩ්පත්වලට අමතරව QR මඟින්ද ගෙවීමේ සිදු කිරීමේ හැකියාව පවතින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.