ගෝලීය කම්පනයන්ගෙන් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම තක්සේරු කිරීමට තවත් කාලය අවශ්‍යයි – IMF

Evan-Papageorgiou

ගෝලීය කම්පනයන්ගෙන් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම තක්සේරු කිරීමට තවත් කාලය අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී Evan Papageorgiou පවසනවා.

මෑත කාලීන බාහිර කම්පනයන් සහ දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ගෝලීය අවිනිශ්චිතතාවයන් හමුවේ, තවමත් යථා තත්ත්වයට පත්වෙමින් පවතින ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අවිනිශ්චිතතාවක් ඇති කරමින් පවතින බවයි ශ්‍රී ලංකා සංචාරය නිමා කර නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ.

මෙම අවිනිශ්චිත අවස්ථාවේදී, දුප්පතුන් සහ අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීම සඳහා රජයට වැදගත් වගකීමක් තිබෙන බවත්, උද්ධමනය අඩු මට්ටමක පවතින අතර, තිරසාර මිල ස්ථායිතාව සහතික කිරීම සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වයට සහාය වීම සඳහා අඛණ්ඩ අධීක්ෂණය අවශ්‍ය බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායම 2025 අප්‍රේල් 03 සිට අප්‍රේල් 11 දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණා.