එක්දින ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පැය 24 සේවාව දින තුනක් අත්හිටුව‍යි

passportoffice

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ එක්දින ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක සේවාව අප්‍රේල් 15, 16 සහ 17 යන දිනවල අත්හිටුවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එක්දින සහ සාමාන්‍ය සේවාවන් සැපයීම සඳහා ටෝකන් පත් එම දිනවල දහවල් 12 දක්වා නිකුත් කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.