පසුගියදා වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මරණයට පත් වූ සත්සර නිමේෂ් තරුණයාගේ මෘත ශරීරය ගොඩගන්නා ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කර තිබෙනවා.
ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන් තුන්දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කමිටුවක් මඟින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි අධිකරණයට නියෝග කර තිබෙන්නේ.
අගතියට පත් පාර්ශවය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.