හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ එම නඩුවට සම්බන්ධ තවත් තිදෙනෙකු අප්‍රේල් 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කර තිබෙනවා.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.
එසේම, මේ වනවිට සැඟවී සිටින ප්‍රසන්න රණවීර සහ මිල්රෝයි පෙරේරා යන අය අත්අඩංගුවට ගැනීම සඳහා මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් ද නිකුත් කර තිබෙනවා.