ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව සඳහා පත්කළ නව මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou ඇතුළු නියෝජිත පිරිස සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් සිදුව තිබෙනවා.
එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු පිළිබඳ සමාලෝචනයක නිරත වූ නියෝජිත පිරිස සහ අග්‍රාමාත්‍යතුමිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකාව මේ වන විට ලබා ඇති ප්‍රගතිය සහ රටේ අනාගත ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර පිළිබඳව ද සාකච්ඡා කර ඇති බවයි සඳහන් වෙන්නේ.
එමෙන්ම, ඉදිරියේදී මතුවිය හැකි ආර්ථික අභියෝග ද, ඒ සඳහා අවශ්‍ය කඩිනම් විසදුම් සහ ශ්‍රී ලංකාව සඳහා ඉදිරියට ක්‍රියාත්මක කළ යුතු සංවර්ධනයන් පිළිබඳව ද දෙපාර්ශවය අතර කරුණු හුවමාරු වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.