එක්සත් ජනපදය විසින් පනවන ලද බදු යම් ප්‍රමාණයකින් බලපෑමක් සිදුවීමේ අනතුරක් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ අනුව මෙරට තීරුබදු අඩු කළ හැකි ආකාරය දක්වමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක් යොමු කළ බවයි අද (08) ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
අදාළ ලිපිය ධවල මන්දියට ගොස් ඇති බවත් නියෝජිත කණ්ඩායමක් යොමු කරමින් සාකච්ඡා කිරීමටද කටයුතු සිදු කරමින් ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
පවතින තත්ත්වයේ බලපෑම අවම කරගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමත් එන ඕනෑම තත්ත්වයක මුහුණදීමට ජාතිය සූදානම් කළ යුතු බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.