ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (e-NIC) මඟින් හඳුන්වා දී ඇති නව ක්‍රමවේදය යටතේ, වයස අවුරුදු 15 සම්පූර්ණ වූ සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පතක් නිකුත් කළ යුතු අතර, ශ්‍රී ලාංකික පුරවැසියන් නැවත ලියාපදිංචි කර නව හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා කාඩ්පත් මිලියන 17ක පමණ අවශ්‍යතාවක් පවතින බව හඳුනා ගනු ලැබ ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව, එම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින්, පොලිකාබනේට් කාඩ්පත් මිලියන 15ක් මිල දී ගැනීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්.