සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගීන් සඳහා ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් දුම්රිය දෙපාර්තමේන්තුව සහ ගමනාගමන කොමිෂන් සභාව විසින් සකස් කර ඇති බව එම කොමිසම පවසනවා.
ඒ අනුව ලබන 09 වැනිදා සිට 21 වැනිදා දක්වා මෙම ඒකාබද්ධ ප්‍රවාහන සැළැස්ම සකස් කර ඇති බවත්, මහනුවර, පුත්තලම, හයිලෙවල් / ලෝලෙවල්, දඹුල්ල හා ගාල්ල යන ප්‍රධාන කොරිඩෝ 05 කේන්ද්‍ර කර ගනිමින් ගමනාගමන මණ්ඩලය සහ ගමනාගමන කොමිෂන් සභාව මගින් දුරගමන් බස් රථ සේවා ක්‍රියාත්මක කරන බවත් සඳහන්.
එසේම ස්ථීර කාල සටහන්වල ධාවනය වන බස් රථවලට අමතරව, අතිරේක ගමන් වාර 500ක් ධාවනය කිරීමටද සැළසුම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
මාකුඹුර, කඩවත, කඩුවෙල හා බැස්ටියන් මාවත කේන්ද්‍රකර ගනිමින් අධිවේගී මාර්ගය හරහා ගාල්ල, මාතර, බදුල්ල, තංගල්ල, කතරගම යන ප්‍රදේශ සඳහා මගී සේවා සැපයීමට අතිරේක බස් රථ 350ක් යෙදවීමට කටයුතු සැළසුම් කර ඇති බවද එම කොමිසම සඳහන් කළා.
මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සාමාන්‍ය ගමන් වාරවලට අතිරේකව, කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල, මහනුවර හා ගාල්ල යන ගමනාන්තවලට විශේෂ දුම්රිය සේවා යොදවා ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.
අදාළ නිවේදනය පහතින්.