2024වර්ෂයේ විකාශය වූ ටෙලි නිර්මාණ අගයමින් සිදුකෙරෙන ‘රයිගම් ටෙලීස් 21 වැනි වසන්තය’ ටෙලි නාට්‍යය හා මාධ්‍ය සම්මාන උලෙළ පසුගිය දින ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ,නාට්‍යවේදී , පරාක්‍රම නිරිඇල්ල ගේ ප්‍රධානත්වයෙන්
රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ, රයිගම් සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන් තියඩෝ, රයිගම් සමූහ ව්‍යාපාරයේ ජ්‍යේෂ්ඨ අධ්‍යක්ෂ ගණක අමරසිංහ, අනුග්‍රහකත්වය දැක්වූ ආයතන ප්‍රධානීන් සහ විනිශ්චය මණ්ඩල සභාපති බුද්ධදාස ගලප්පත්ති ඇතුළු සාමාජික සාමාජිකාවන්ගෙන්ද, කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි.
සම්මාන සඳහා නිර්දේශිතයන් තෝරාගැනීමේ ක්‍රියාවලිය සිදුකරන ලද්දේ අයදුම්පත් යොමු කිරීමෙන්ය. නැවත විකාශයන් සහ මුදල් ගෙවා පමණක් නැරැඹිය හැකි රූපවාහිනී චැනල මේ සඳහා සුදුසුකම් නොලැබිය. උලෙළ සඳහා ඉදිරිපත් වන සියලු නිර්මාණ ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගැයීමට ලක් කර ඇත.
කලින් තීරණය කරන ලද ටෙලි නාට්‍ය හා රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සඳහා වන නිර්දේශ හා සම්මානලාභීන් විනිශ්චය මණ්ඩලය විසින් තීරණය කරනු ලබයි. ජනප්‍රිය හා ජනගත සම්මාන ජයග්‍රාහයකින් ප්‍රේක්ෂක මනාපය මත තෝරා ගැනේ. වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය, ටෙලි නාට්‍ය නළුවා සහ නිළිය, ප්‍රේක්ෂක මනාපයෙන් 2025.02.28 දින සිට 2025.03.28 දක්වා තෝරා ගැනිණි. වඩාත්ම ජනගත ටෙලි නාට්‍යය, රූපවාහිනී වැඩසටහන් සහ ප්‍රවෘත්ති විකාශය, දීප ව්‍යාප්ත ජනතා සමීක්ෂණයන් තෝරාගනු ලැබුහ. විශේෂ ප්‍රණාම සම්මාන සඳහා වන නිර්දේශ විශේෂ උපදේශක සභාවක් මඟින් සිදු කෙරිණි .මේ අනුව සම්මාන කුලක හතක් ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන, රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන, ජනප්‍රිය සම්මාන, සඳහා පෙබරවාරි 28 වැනි දින සිට මාර්තු 28 වන දා මධ්‍යම රාත්‍රිය දක්වා මත විමසුමට විවෘතව පැවතිණි. මෙවර ජනගත සම්මාන කුලකය, වඩාත් ජනගත ටෙලි නාට්‍යය, ජනගත රූපවාහිනී වැඩසටහන, ජනගත ප්‍රවෘත්ති විකාශය පෙබරවාරි මස 20 වැනි දිනට පෙර අයදුම්පත් යොමු කළ යුතුව තිබිණි. එයින් සුදුසුකම් ලැබු සියලු දෙනාම එම සම්මානයට සුදුසුකම් ලැබුවෝය. සහතිකපත්, කුසලතා 06ක් සහ ජූරියේ විශේෂ ඇගයුම් සම්මාන 58කින් මෙවර සම්මාන උළෙල පැවැත්විය0. ප්‍රණාම සම්මාන 3ක් මෙවර ප්‍රදානය කළ අතර ජීවිතේ එක් වතාවක් පමණක් ප්‍රදානය කරන ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය සෑම උලෙළකදීම ප්‍රදානය කරන උත්තම සම්මානයයි. මෙවර එම සම්මානය ප්‍රදානය කරනු ලැබුවේ ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පිනී අනෝජා වීරසිංහටයි. රූපවාහිනී නාළිකාව ඇගැයීම සහ කලාකරුවන්ට පිදෙන දහසින් බැඳී පියලි සමඟ සම්මාන මූරය අවසන් විය. වාර්ෂිකව පැවැත්වෙන රයිගම් ටෙලීස් සම්මාන උලෙළ ප්‍රධාන උලෙළ දෙකකින් සමන්විත වේ. ඒ නිර්දේශිත නාම උත්කර්ෂවත් උළෙල සහ අවසාන සම්මාන රාත්‍රියයි. සියලූම සම්මානලාභීන් සඳහා වටිනා මුදල් ත්‍යාග සහ එක් වර්ෂයක් සඳහා බලපාන රුපියල් මිලියනයක ජීවිත රක්ෂණයක් සහ රුපියල් ලක්ෂයක් වටිනා වෛද්‍ය රක්ෂණාවරණයක් සමඟ ඔවුන්ගේ හැකියාව අගය කරමින් වටිනා සහතික පතක් ද පිරිනමනු ලැබිය.