රටට දැනුවත් නොකර කිසිදු ආකාරයේ ගිවිසුමක් තම රජය විසින් අත්සන් නොතබන බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසනවා.
විනිවිදභාවයකින් යුතුව, අත්සන් කරන සියළුම ගිවිසුම් පිළිබඳව ඊයේ සිටම රජය ප්‍රකාශයට පත් කර ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
මින් පෙර බලයේ සිටි පාර්ශ්වයන් සිදුකළ ආකාරයෙන් යටි ගනුදෙනු, කොමිස් ගැසීම් කිසිවක් තමන් සිදු නොකරන බවත්, ඔවුන්ගේ ඇති පුරුද්ද අනුව ඒවා පිළිබඳව කියවමින් සිටින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටින්නේ.