බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේදී මිය ගිය රැඳවියාගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (05) ගාල්ල, කරාපිටිය රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.
හෙරොයින් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ, 46 හැවිරිදි මෙම රැඳවියා සිර මැදිරිය තුළ තුවාල ලබා වැටී සිටියදී සොයාගත් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක සඳහන් කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිර මැදිරියේ සිටි සෙසු රැඳවියන්ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් තිබෙන බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය ද විමර්ශන ආරම්භ කර තිබෙන බව වැඩිදුරටත් සඳහන්.