බොරැල්ලේ ඝාතනයක් සම්බන්ධයෙන් SF සරත්ට මරණ දණ්ඩනය

court-2

2014 වසරේ බොරැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කේ.එම්. සරත් බණ්ඩාර හෙවත් ‘SF සරත්’ නමැති විත්තිකරුට කොළඹ මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර තිබෙනවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් අද (01) මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇති අතර, මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම් කර තිබූ චමින්ද රවී ජයනාත් හෙවත් ‘දෙමටගොඩ චමින්ද’ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද අධිකරණය නියෝග කර තිබෙනවා.

2014 වසරේ අගෝස්තු මස පළමු වැනිදා බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍යාගාරයක් තුළදී හෙට්ටිආරච්චිගේ දුමින්ද නමැත්තකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.