රක්ෂිතයක තිබී T56 ගිනි අවියක් සොයා ගැනේ

t56-arrest

මාතලේ පොලීසියේ නිලධාරීන් කළ සෝදිසි මෙහෙයුමකදී මාතලේ සුදු ගඟ රක්ෂිතයේ තිබී T56 ගිනි අවියක් සහ පතොරම් ගැබ් 2ක් සොයාගෙන තිබෙනවා.

ගමන් මල්ලක දමා සඟවා තිබියදී එය සොයා ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුමට සමගාමීව එම සෝදිසි මෙහෙයුම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.