අප්‍රේල් 21 ට පෙර පාස්කු ප්‍රහාරයට වගකිව යුතු කණ්ඩායමක් හෙළිදරව් කිරීමට CID ය උත්සාහ දරනවා – ජනපති

anura-president-pmd-today

පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කඩිනමින් සිදු කෙරෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව අප්‍රේල් 21 වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිපදෙනෙකු හෙළිදරව් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ දරමින් සිටින බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

දෙයියන්දර ප්‍රදේශයේ මේ වනවිට පැවැත්වෙන ජන රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.