තායිලන්තයේ භූ කම්පනයෙන් ගොඩනැගිල්ලක් කඩා වැටී 43 ක් අතුරුදන්

Thailand-y

තායිලන්තයේ සිදුවූ භූ කම්පනයෙන් බැංකොක් නුවර ගොඩැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 43 ක් අතුරුදන්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චතුචක් උද්‍යානය අසල වූ එම ගොඩනැගිල්ල තුළ පුද්ගලයින් පනස් දෙනෙකු පමණ සිට ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙහිදී හත් දෙනෙකු දිවි ගලවා ගත් අතර තවත් 43 දෙනෙකු තවමත් සිරවී සිටින බවයි වාර්තා වෙන්නේ.

මියන්මාරයේ කලාප හයක මේ වන වි‍ට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව වැඩිදුරටත් සඳහන්.

news images

news images

news images