මෙරට කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයින් ණය අර්බුදයකට මුහුණ දී සිටින බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
රට තුළ පැවති අර්බුදයන් සහ අසංවිධානාත්මක ව්‍යාපාර කර්මාන්ත ක්‍රමයත් හේතුවෙන් රට තුළ ව්‍යාපාර කර්මාන්ත විශාල ප්‍රමාණයක් බිඳ වැටී ඇති බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
ව්‍යාපාරිකයින් ණය අර්බුදයෙන් මුදවා ගැනීම සඳහා සෑම මසකම බැංකුවල ප්‍රධාන නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන බවද, එයින් හොඳ ප්‍රගතියක් ලබා ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
රාජ්‍ය අනුග්‍රහය යනු ණය නොවන බවත්, ණය යනු හරියට සමහර ගෑණු ළමයින් වාගේ බවත්, ‘හොඳට ඉන්නකම් හොඳයි, නරක් වුණොත් නරකටම නරකයි’ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.