සපුගස්කන්ද විදුලි බලාගාරය වෙත ලිහිසි තෙල් සැපයීම සඳහා වන ප්‍රසම්පාදන යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, A බලාගාරය සඳහා ලිහිසි තෙල් ලීටර 414,000ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව Lanka IOC PLC වෙත ප්‍රදානය කිරීමටත්, B බලාගාරය සඳහා ලිහිසි තෙල් ලීටර 389,000ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව Chevron Lubricants Lanka PLC වෙත ප්‍රදානය කිරීමටත් බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බවයි සඳහන් වන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්.