මේ වසරේ කිසි ලෙසකත් වාහනවල බදු අඩු වෙන්නේ නෑ – දුමින්ද හුලංගමුව

duminda-hulangamuwa

මෙම වසර තුළ වාහන ආනයන බදු සංශෝධනක් සිදු නොවන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව පවසනවා.

මේ හේතුවෙන් මෙම වසර තුළ වෙළෙඳෙපොළේ වාහන මිල ගණන්වල ද වෙනසක් සිදු නොවනු ඇති බවයි ඊයේ (24) පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

අදාළ බදු මේ වනවිට ගැසට් කර ඇති බවද, එම බදු සංශෝධනය කිරීමේ හැකියාවක් නොමැති බවද දුමින්ද හුලංගමුව සඳහන් කළා.

වාහන ආනයනය හරහා රජය බලාපොරොත්තු වන බදු ආදායම් ඉලක්කයට යාමට හැකි වේ යැයි බලාපොරොත්තු වන බවත්, වාහන ආනයනය හරහා රුපියල් බිලියන 300 – 350ක පමණ බදු ආදායමක් අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.