දිවයින පුරා සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම්වලින් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් ඇති නොවන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසනවා.
ජනතාවගේ ආරක්ෂාව රජය විසින් සහතික කර ඇති බවයි අද (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ වන විට සිදුවෙමින් ඇත්තේ පාතාල කල්ලි අතර ගැටුමක් බවද, එමගින් ජාතික ආරක්ෂාවට මහ බලපෑමක් නොමැති බවද ඔහු ප්‍රකාශ කළා.
මහජන ආරක්ෂක අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු සිදු කරමින් ඇති බවයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.