පූනාකරි, මන්නාරම, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවන් සඳහා නාම යෝජනා භාර ගැනීම සම්බන්ධව මැතිවරණ කොමිසම දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව එම ප්‍රාදේශීය සභාවලට අයත් පළාත් පාලන ආයතන සඳහා ඇප මුදල් තැන්පතු භාර ගැනීම හෙට (26) දින මධ්‍යහ්න 12.00ට අවසන් වීමට නියමිතයි.
එසේම 27 වැනි දින දහවල් 12.00 දක්වා ඒ ඒ දිස්ත්‍රික්කයන් හි තේරිම්භාර නිලධාරීන් විසින් නාමයෝජනා භාර ගන්නා බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.