වැටුප් ගැටළුවට නම්‍යශීලී විසඳුමක් ලබාදුන් ජනාධිපති තුමාට ස්තූතියි! – GMOA

chamil-gmoa

අයවැය තෙවැනි වර කියවීමේදී යෝජනා කළ සංශෝධනයක් ඔස්සේ තම ඉල්ලීම් සඳහා විසඳුමක් ලබාදුන් ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ සෞඛ්‍ය ඇමතිවරයාට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) කෘතඥතාවය පළ කර තිබෙනවා.

මාධ්‍යයට අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, මෙම විසඳුම රජයට අමතර බරක් නොවන අතර, තම අමතර සේවා හා නිවාඩු දිනයන් සඳහා ලැබෙන ගෙවීම්වලින් තුනෙන් එකක් රට වෙනුවෙන් කැප කිරීමට වෛද්‍යවරුන් එකඟ වී ඇති බවයි.

මුලින් අයවැය යෝජනා අනුව අමතර සේවා ගෙවීම් අඩු කර තිබූ අතර, රජයේ වෛද්‍ය නිිලධාරීන්ගේ සංගමය එයට විරෝධය දක්වීීීීමෙන් පසු, ඒ පිළිබඳ සංවාද කිහිපයකට පසුව මුලින් තිබූ පැයකට 1/80 සහ නිවාඩු දිනයකට 1/20 ගෙවීම් අනුපාත යළි පදනම් කරගෙන, එයින් තුනෙන් දෙකක් පමණක් දැනට ලබාදීමට රජය එකඟ වී තිබෙනවා.

මෙම ගැටලුවට තම යෝජනා සහ සංවාද තුළින් ඉතා ධනාත්මක සහ නම්‍යශීලී විසඳුමක් ලබාදුන් බවත්, ඒ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගෞරවනීය ස්තූතියි ජනාධිපතිවරයාට පුද කර සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.