පළාත් පාලන මැතිවරණය ගැන කොමිසම හා පක්ෂ මහලේකම්වරු සාකච්ඡා

election

මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ දේශපාලන පක්ෂ මහලේකම්වරු අතර හමුවක් අද (22) පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

මෙහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණයේ වියදම් කළ හැකි මුදල් තීරණය කිරීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් ගැන සාකච්ඡා කර ඇති අතර, නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේපවීම් පිළිබඳවද අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

නාමයෝජනා පත්‍රවල ඇති සුළු අඩුපාඩු නිසා ඇතිවූ ප්‍රතික්ෂේප කිරීම් සඳහා උසාවි මාර්ගයෙන් කටයුතු නොකර, මැතිවරණ කොමිසම මැදිහත් වී විසඳීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙස දේශපාලන පක්ෂවල මහලේකම්වරුන් මෙහිදී ඉල්ලීමක් කර තිබෙනවා.