ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව අද පැය 12:50ට පිටත් වීමට නියමිතව තිබූ UL 503 (කොළඹ සිට ලන්ඩන් දක්වා) සහ පැය 20:40 ට පිටත් වීමට නියමිතව තිබූ UL 504 (ලන්ඩන් සිට කොළඹ දක්වා) ගුවන් ගමන් ක්‍රියාත්මක නොවන බවයි ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේ.
එමෙන්ම හීත්‍රෝ ගුවන්තොටුපොළ නැවත විවෘත කළ වහාම ලන්ඩනයට ගුවන් ගමන් නැවත ආරම්භ කරනු ඇති බවද ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.