අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඔක්තෝබර් මස 16 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) නියම කර තිබෙනවා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණා.
මෙම පෙත්සම ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී කරුණු තහවුරු කිරීම සඳහා එම පෙත්සම ඔක්තෝම්බර් මස 16 වැනිදා කැඳවන ලෙසයි නියෝග කර තිබෙන්නේ.