කීරි සම්බා සහල් තමන් සන්තකයෙහි තිබියදීත් එය නොමැති බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ වෙළෙඳසැල් හිමිකරුවෙකුට දඩ මුදල් නියම කිරීමටත්, රුපියල් මිලියන 3.8 කට වැඩි වටිනාකමක් සහිත එම කීරි සම්බා සහල් තොගය රාජසන්තක කිරීමටත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
කොළඹ 12 ප්‍රදේශයේ පැවති වෙළෙඳසැලක් වටලා සිදුකළ පරීක්ෂා කිරීමකදී මෙම සහල් තොගය හමු වී ඇති අතර, පසුව ඒ සම්බන්ධයෙන් එම වෙළෙඳසැලෙහි හිමිකරුට සහ කළමනාකරුට එරෙහිව පසුගිය මස 11 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩු පවරා ඇති බවයි සඳහන් වෙන්නේ.
අදාළ නඩුවේදී එම පුද්ගලයින් විසින් වරද පිළිගැනීමෙන් පසුව අධිකරණය විසින් එක් පුද්ගලයෙකුට රුපියල් 10,000 බැගින් රුපියල් 20,000 ක දඩ මුදලක් නියම කර තිබෙනවා.
එසේම එම වෙළෙඳසැලේ සඟවා තබා තිබිය දී සොයාගත් කීරි සම්බා සහල් කිලෝ 05 ඇසුරුම් 3,000ක් ද නිලධාරීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණු අතර, රුපියල් මිලියන 3.8 කට වැඩි වෙළෙඳපොළ වටිනාකමක් සහිත එම සහල් තොගය ද ඊයේ (18) අධිකරණය විසින් රාජසන්තක කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.