2025 සංචාරක පැමිණීම ලක්ෂ 06 ඉක්මවයි

tourism-srilanka

මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව හය ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 613,728 ක් බවයි අදාළ වාර්තාව මඟින් දක්වා තිබෙන්නේ.

2025 මාර්තු මාසයේ පළමු දින 16 තුළ 120,750 ක විදෙස් සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති බවද එහි සඳහන්.

ඉන්දියාව, රුසියාව, ජර්මනිය, එක්සත් රාජධානිය, ප්‍රංශය හා චීනය යන රටවලින් වැඩිම සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව පහතින්.

news images

news images