කජ්ජා ඝාතනය රුපියල් ලක්ෂ 05ක කොන්ත්‍රාත්තුවක් මත සිදුකර ඇති බවට අනාවරණය වෙයි

kajja-new

අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා’ ඝාතනය රුපියල් ලක්ෂ 05ක කොන්ත්‍රාත්තුවක් මත සිදුකර ඇති බව මේ වන විට සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.

එම ඝාතනයේ වෙඩික්කරු පසුගියදා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔහු ගැන සිදුකළ පරීක්ෂණවලදී මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබෙනවා.

පොරොන්දු වූ ලක්ෂ 05 ක මුදලෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් පමණක් සැකකරුගේ බිරිඳගේ බැංකු ගිණුමට බැර කර ඇති අතර, පසුව ඉතිරි මුදල ලබාදීම සිදුකර නොමැති බව ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇතැයි පොලීසිය සඳහන් කළා.

‘මීගස්ආරේ කජ්ජා’ පසුගිය පෙබරවාරි මස 18 වැනි දා මිද්දෙනියේදී වෙඩි තබා ඝාතනය කළ අතර, සිද්ධියෙන් ඔහු සමඟ ගමන්ගත් දරු දෙදෙනා ද මියගොස් තිබුණා.