මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්

trainjaffna

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමක් සිදුව තිබෙනවා.

කොල්ලුපිටිය හා කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථාන අතර මෙම පීලි පැනීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර ප්‍රධාන මාර්ගයේ හා පුත්තලම මාර්ගයේත් කාර්යාල දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.