මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

22b7626a-2fd54cca-38f8ad29-arrest_850x460_acf_cropped_850x460_acf_cropped

පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේ සිදු වූ ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු මිද්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට පත්ව සිටින බවයි සඳහන් වන්නේ.

මෙම වෙඩි තැබීමෙන් වීරකැටිය, මීගස්ආර ප්‍රදේශයේ පදිංචිව සිටි අරුණ විදානගමගේ නොහොත් ‘කජ්ජා’ යන අන්වර්ථ නමින් හඳුන්වනු ලැබූ පුද්ගලයා ද, ඔහුගේ දියණිය සහ පුත්‍රයා ද යන තිදෙනාම ජීවිතක්ෂයට පත්වුණා.