උතුරු දුම්රිය මාර්ගයේ පාලමක අළුත්වැඩියාවක් හේතුවෙන් 09 වැනිදා දුම්රිය ගමන් වාර දෙකක් අවලංගු කෙරේ

trainjaffna

උතුරු දුම්රිය මාර්ගයේ වැල්ලව සහ ගනේවත්ත අතර දුම්රිය මාර්ගයේ පාලමක අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්, මාර්තු 09 දින දුම්රිය ගමන් වාර දෙකක් අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව කුරුණෑගලින් පෙරවරු 8.20 ට පිටත්ව මහව හන්දිය දක්වා ධාවනය වීමට නියමිත අංක 4449 දුම්රිය සහ මහව හන්දියෙන් පෙරවරු 10.50 ට පිටත්ව කුරුණෑගල දක්වා ධාවනය වීමට නියමිත අංක 4853 දරන දුම්රිය ගමන් වාර දෙක මෙලෙස අවලංගු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

67c7ea91cbb00pdf_page_0