වැලිගම වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර අධිකරණය වෙත භාර වී තිබෙනවා.
ඔහු අද (04) දහවල් මෙලෙස අධිකරණය වෙත භාරවී ඇති බවයි සඳහන් වෙන්නේ.
2023 දෙසැම්බර් 31 වැනිදා මාතර පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ඔහුට වරෙන්තු නිකුත් කර තිබුණා.