වැඩබලන පොලිස්පතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් කොමිසමෙන් නිවේදනයක්

priyantha-weerasoriya

වැඩ බලන පොලිස්පතිවරයා විසින් පසුගියදා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ අදහස් සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ආණ්ඩුකම ව්‍යවස්ථාව අනුව සියලුම පොලිස් නිලධාරීන්ගේ පත්කිරීම්, උසස් කිරීම්, ස්ථාන මාරු කිරීමේ ක්‍රියාවලියන් සම්බන්ධව ජාතික පොලිස් කොමිෂන් සභාව සතු බලතල පොලිස්පතිවරයා විසින් විමසා ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කළ යුතු බවයි එම නිවේදනය මඟින් දක්වා තිබෙන්නේ.

එමෙන්ම එකී බලතල වන උසස් කිරීම, ස්ථාන මාරු කිරීම, විනය පාලනය කිරීම හා සේවයෙන් පහ කිරීම පිළිබඳ ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලතල ක්‍රියාත්මක කිරීම සෑමවිටම පොලිස්පතිවරයා විමසා සිදු කරනු ලබන බවයි එහි සඳහන් වෙන්නේ.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්.

67c6b5dac68a4pdf_page_1 67c6b5da98d9dpdf_page_0