ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට එරෙහි සතොස නඩුව යළි කල් තබයි

jons

හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් මාර්තු මස 24 වනදා දක්වා කල් තැබීමට අද (04) කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව නඩුව අද (04) කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ලේ සාක්ෂි සටහන් කරගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

2010 වසරේ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර, දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළේ යැයි චෝදනා කොට, අල්ලස් කොමිසම විසින් අල්ලස් පනත යටතේ හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.