විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප්, ඉහළම වැටුප් ශ්‍රේණි 10 අතරට ගෙනවිත් තිබෙන බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
වැටුප් වැඩි කිරීමත් සමඟ වැටුප් ශ්‍රේණි අතර 07වන ස්ථානය විදුහල්පතිවරුන්ටත්, 08වන ස්ථානය ගුරුවරුන්ටත් ලබාදී ඇති බවයි අග්‍රාමාත්‍යවරිය අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කළේ.
ඒ අනුව විදුහල්පතිවරුන්ගේ වැටුප රු. 30,105කින් සහ ගුරුවරුන්ගේ වැටුප රුපියල් 25,360කින් වැඩි කර ඇති බව ද අගමැතිවරිය ප්‍රකාශ කර සිටියා.
එමෙන්ම පූර්ව ළමාවිය සංවර්ධනයේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා අධ්‍යාපනයේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් බිලියන 6,019ක් වැඩිපුර වෙන්කොට තිබෙන බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් පවසා සිටියේ.