පවතින අධික උෂ්ණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත නිර්දේශ ඇතුලත් ලිපියක් යොමුකර තිබෙනවා.
ඒ අනුව පාසල් ක්‍රියාකාරකම්වල දී ක්‍රියාකළ යුතු ආකාරය දැනුම්වත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කළ නිර්දේශ පදනම් කරගනිමින් මෙම නිර්දේශ යොමුකර ඇති බවයි සඳහන් වෙන්නේ.
එහිදී, අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළිමහනේ, ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැලැක්විය යුතු බවත්, පාසල් විවේක කාලයේ දී දැඩි හිරු එළිය සහිත එළිමහනේ ගත කිරීම හා ක්‍රීඩා කිරීමෙන් වලක්වා ගත යුතු බවයි සඳහන් වෙන්නේ.
වැඩිපුර ජලය පානය කිරීමත්, වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබා දීමත් වඩාත් සුදුසු වන අතර, දහවල් අධික උෂ්ණත්වය සහිත කාලයේ දී අත්‍යවශ්‍ය නොවන අවස්ථාවල දී සිසුන් පිටතට ගෙනයාමෙන් වලක්වා ගැනීම සුදුසු බවද එහි සඳහන්.
එසේම ප්‍රාදේශීය මට්ටමින් පවතින උෂ්ණත්වය / කාළගුණ තත්ත්වයන් සලකා බලා නිවාසාන්තර ක්‍රීඩා තරඟ හා පුහුණුවීම් කටයුතු සැලසුම් කිරීම වඩාත් සුදුසු බවයි එම නිර්දේශවල දක්වා තිබෙන්නේ.
අදාළ නිර්දේශ පහතින්.