ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය එළඹෙන පෙබරවාරි 28 දින රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව එහිදී ශ්‍රී ලංකා රජයේ 2025 අයවැය යෝජනා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන්ට කොපමණ ආකාරයකින් අනුකූල වන්නේද යන්න වග තීරණය කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන තුන්වන සමාලෝචනයට අනුමැතිය ලැබුණහොත්, එක්සත් ජනපද ඩොලර් මිලියන 333ක පමණ මූල්‍ය පහසුකමක් ශ්‍රී ලංකාවට හිමිවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.