මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු ඇහැළියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඇහැළියගොඩ පොලිස් වසමේ, මෝරගල හන්දිය ප්‍රදේශයේදී 15 හැවිරිදි සැකකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
2025 ජනවාරි 17 වන දින ඇහැළියගොඩ පොලිස් වසමේ හොරගොඩ මාර්ගයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර, තවත් පුද්ගලයින් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකර තිබුණු සිද්ධියක් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.