පසුගිය ආණ්ඩුව හා වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය තුළ කිසිඳු වෙනසක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.
ඒ අනුව පෙර රජයයන් හඳුන්වාදුන් සමාජ, වෙළඳපොළ, ආර්ථික ක්‍රමවේදයට වත්මන් ආණ්ඩුව මේ අවස්ථාවේදී හෝ එකඟවීම ගැන සතුටු වන අතර, එය ජයග්‍රහණයක් ලෙස දකින බවයි අද (17) අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ජාතික ජන බලවේගය මෙය වටහා ගැනීමට තිබුණේ දශක ගණනාවකට පෙර බවත්, එය එසේ වූයේ නම් මෙවැනි අවුල්කාරී තත්ත්වයක් ඇති නොවන බවත්, රට සාර්ථකව ඉදිරියට ගොස් තිබෙනු ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.