වතුකරයේ ජනතාවගේ ජන ජීවිතය නගා සිටුවීම සඳහා පියවර රැසක් ගැනීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා.
ඒ අනුව නව නිවාස ව්‍යාපෘති කිහිපයක් ඔවුන් වෙනුවෙන් ඇරඹීමට කටයුතු කරන බවත් ස්මාර්ට් පන්ති කාමර 60 ක් ලබාදීම සඳහා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සමඟ ගිවිසුමකටද එළඹීමට කටයුතු කළ බවයි අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
සමහරුන් ඡන්ද බලාපොරොත්තුවෙන් පංති කාමර සෑදු අතර බස් බෙදීමට කටයුතු කළ බවත් ඒවා කිසිවක් මේ වන විට ක්‍රියාත්මක නොවන බවයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න වැඩිදුරටත් ප්‍රකාශ කළා.