අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු පෙබරවාරි 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 13 හැවිරිදි සැකකරු කිතුලන්ගොඩ රැඳවුම් මධ්‍යස්ථානයේ පරිවාස භාරයට යොමු කිරීමට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.
නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් සිදුවු ආරවුලක් හේතුවෙන් ඇති වු ගැටුමක් නිසා ඉකුත් 02 වනදා මෙම ඝාතන සිදුවී ඇති බව පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණයවී තිබුණේ.